හෙට (19) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කොල්ලුපිටිය උත්තරානන්ද මාවතේ තාවකාලික සංවර්ධන කටයුත්තක් හේතුවෙන් එක් රථ වාහන ධාවන තීරුවක් පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව රොටුන්ඩා මංසන්ධියෙන් ආරම්භ වන උත්තරානන්ද මාවතේ වාහන ධාවනය කළ හැක්කේ අබ්දුල් මාකන් මාකර් මාවත දෙසට පමණි.
කිසිදු හේතුවක් මත අබ්දුල් මාකන් මාකර් මාවතෙන් රථ වාහන උත්තරානන්ද මාවතට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැත.
සර් ජේම්ස් පීරිස් මාවත මාර්ගයෙන් පෙරහැර මාවතට ඇතුළු වන වාහන රොටුන්ඩා වට රවුම දෙසට ගමන් කළ නොහැකි අතර, උත්තරානන්ද මාවතෙන් දකුණට ගමන් කොට අබ්දුල් මාකන් මාකර් මාවතට පිවිසීමට හැකිය.
එමෙන්ම ගාලූ පාරේ සිට රොටුන්ඩා වටරවුම දක්වා ගමන් කරන වාහන ද ගමන් කළ හැක්කේ එක් දිසාවකට පමණක් වන අතරකිසිදු හේතුවක් මත අබ්දුල් මාකන් මාකර් මාවතෙන් උත්තරානන්ද මාවතට රථවාහන ඇතුළු කිරීමට අවසර නැත.
මේ පිළිබඳව අවධානයෙන් ගමන් කර රථ වාහන තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි




