2021 ජූලි මස19 දින සඳහා කාලගුණ අනාවැකිය
2021 ජූලි මස18 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිරපළාතෙත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකර යේ බටහිර බෑවුම් ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2021 ජූලි මස 18 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
වැසි තත්ත්වය:
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසිඇති වේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එයි සුළගේ වේගයපැ.කි.මී. (40-50) පමණ වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විටපැ.කි.මී. 70 පමණ දක්වා වැඩි විය හැකි අතර කන්කසන්තුරෙයි සිට පුත්තලම හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. කන්කසන්තුරෙයි සිට පුත්තලම හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.




