සමස්ත ලංකා පුද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ බස්රථ සේවකයින් සඳහා රුපියල් 15,000 බැගින් මාස දෙකක් සඳහා හෝ වැටුපක් ගෙවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
වසරක පමණ කාලයක් තිස්සේ බස් රථ සේවාවලට සම්බන්ධ 60,000ක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව ඇති බව එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේය.
"අපි රජයෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංගම සේවකයින් ට වැටුප් දෙනවා වගේම මාසිකව රු 15,000ක මුදලක් මාස දෙකකටවත් ලබාදෙන්න කියලා. අද දිනයේ දීත් අන්තර් පළාත් බස්රථ ධාවනය වෙන්නේ නෑ. හැබැයි සමහර අන්තර් පළාත් බස් රථහිමියන් කිහිපදෙනෙකුට විතරක් ප්‍රධාන රෝහල්වලින් සහ රජයේ අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්තමේන්තු සඳහා බස් රථ ධාවනයට ඉඩදීලා තියෙනවා."