පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ ආදුරුප්පු වීදිය ප්‍රදේශයේදී නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ මත් කුඩු කිලෝ 12ක් සොයාගෙන ඇත.
මෙම මත්කුඩු තොගයක් කොළඹ 12 සෙන්ට්‍රල් පාරේ නිවසක භූගත බංකරයක් තුළ සඟවා තිබියදී එම නිවසේ හිමිකරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.පොලීස විශේෂ කාර්ය බළකාය සඳහන් කරේ භූගත බංකරයට උඩින් රෙදි තොගයක් ගොඩ ගසා පිටතට නොපෙනෙන සේ වසා දමා තිබූ බවයි.
මෙම කුඩුවල වීදි වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වේ. කිඹුලාඇළ ගුණාට මෙම කුඩු අයත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.










