යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ කොරෝනා වෛරසය වැළදුණු ව්‍යාපාරිකයන් 6 දෙනෙක් එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
යාපනය විශ්වවිද්‍යාල රසායනාගාරයේදී පරීක්ෂාවට ලක් කළ මෙම ව්‍යාපාරිකයන්ගේ පී සී ආර් පරීක්ෂණ මගින් ඔවුන් ආසාදිතයන් බව තහවුරු වී ඇති අතර එය දැනුම් දීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අදාළ ව්‍යාපාරික ස්ථානයට යන විටත් ඔවුන් පළා ගොස් ඇත.
කොරෝනා ආසාදිතයන් වන මෙම පිරිස මේ වන විට සැඟව සිටින බැවින් ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ජනතාවට දැනුම් දෙනු ලබයි.
මොවුන් අම්පාර සහ කල්මුණේ ප්‍රදේශයන් වල සිට වඩමාරච්චි ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථානය වෙත පැමිණි පිරිසක් බවත් මෙම පිරිස සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් කියා සිටියා.




