කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ පෙරේදා දිනයේදී වාර්තා වූ ඩෙල්ටා රෝගීන් අතර එකොළොස් දෙනෙකු කොළඹ නගර සීමාවේ අය බවට තහවුරු වුණු බවයි.
මෙම පිරිසෙන් කොළඹ ඛෙත්තාරාම වැඩ බිමකින් ඩෙල්ටා රෝගීන් පස් දෙනකු ද දෙමටගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකුද උතුරු කොළඹ ප්‍රදේශයෙන් තවත් දෙදෙනෙකුද වශයෙන් වාර්තා වී ඇත.
එක් රෝගියෙක් හමුවූ පසු ඒ ආශ්‍රිතව තවත් රෝගීන් දස දෙනකු පමණ සිටිය හැකි බවත් මේ අනුව කොළඹ හා මන්නාරම ප්‍රදේශවල අනිවාර්යෙන්ම ආසාදිතයන් සිටින බවත් හෙතෙම පැවසුවේය. මෙය පැතිර යෑම වැළැක්වීමට අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම රෝගීන් සියලු දෙනා හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇති බවත් හෙතෙම පැවසූහ.




