හලාවත පදවි රදගුරු දෙවිශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරය තවදුරටත් පුළුල් නොකිරීමේ ජනපති තීරණය හලාවත පදවි පූජක, පැවිදි, ගිහි සියළු දෙනා මහත්සේ අගය කරන බවයි. ස්වභාව දහම ආරක්ෂා කරමින් හරිත ආර්ථිකයක් කරා යෑමේ රජයේ දැක්ම ද මෙහිදී ප්‍රශංසාවට ලක් කර ඇත.
මෙම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙන්නේ බල ශක්තිය සඳහා ගල් අඟුරු භාවිතය මේ වන විට ලෝකය පුරා ප්‍රතික්ෂේපව පවතින අතර එය මිනිස් ජිවිතයට හා පරිසරයට හානි සිදු කරන බවයි.
වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ තවදුරටත් සදහන් කර ඇත්තේ බල ශක්තිය පිළිබඳ රජයේ දැක්ම අනුව 2030 වන විට 80% ක් පුනර්ජනනීය ක්‍රමවේද භාවිතයට අවධානය යොමු කිරීම පිළිබඳව ජනපතිට ප්‍රශංසා කරන බවයි.




