කොට්ටාව හිරිපිටිය ප්‍රදේශයේ නිවසක වල දමා තිබියදී රුපියල් කෝටි 1 1/2 ක මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගනු ලැබීය. මෙම මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන චරිත් සඳකැලුම් නොහොත් "රන් මල්ලි" නැමැත්තාගේය.
පොලිසිය පැවසුවේ රන් මල්ලි නැමැත්තා බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට මත්කුඩු එවන බවයි. ඔහු සමඟ දකුණේ මහා පරිමාණයෙන් මත්කුඩු එවන ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන හරක් කටා නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අතර ඔවුන් දෙදෙනාම එක් වී මෙරටට මත්කුඩු එවනු ලබයි.‘රන්මල්ලි‘ නැමත්තාගේ මස්සිනා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ,ඔහු කොට්ටාවේ නිවසක් කුලියට ලබාගෙන එහි සිට මෙම මත්ද්‍රව්‍ය මුදල් කළමනාකරණය කර ඇති බවද පොලිසිය කියයි .
මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව මෙම නිවස වටලා පරීක්ෂා කිරීමේදී එහි ඉඩමේ ස්ථානයක වල වල දමා තිබියදී මෙම මුදල් තොගය සොයාගෙන තිබිණි .
මුදල් සහ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .








