කැඩී ගිය සරුංගලයක නූලක පැටලී යතුරුපැදිය පෙරළී යාම නිසා බූස්ස නාවික හමුදා කදවුර අසල දී එකම පවුලේ මව සහ අවුරුදු එක හමාරක් වයසැති දරුවෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුර සිදුවී තිබෙන්නේ මියගිය කාන්තාව තම සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ ඔවුන්ගේ දෙමාපියන් බැලීමට ගාල්ලේ සිට රත්ගම දෙසට ගමන් කරමින් සිටියදී බව වාර්තා වනවා.ඊයේ රාත්‍රී අටට පමණ සිදුවූ මෙම අනතුරෙන් මියගිය කාන්තාවගේ සැමියා සහ 06 හැවිරිදි අනෙක් දරුවා ද තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
යතුරුපැදිකරු කොග්ගල ගුවන් හමුදා කදවුරේ සේවය කරණ සැරයන්වරයෙකු බවද පොලීසිය පවසයි.




