කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන්. සී. කිතුල්වත්ත මහතා පැවසුවේ බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හැඳින්වෙන රෝගය වැළඳුණු දරුවන් 34 දෙනකු මෙරටින් වාර්තාවී ඇති බවයි.
කොරෝනා රෝගය වැළඳුණු දරුවන් අතරේ මෙම රෝගය පැතිර යන බවත් මෙම රෝගය ලෝකයේ අලුතින් ඇතිවූ එකක් බවත් එමහතා පැවසුවේය .
දරුවන් පස් දෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට ප්‍රතිකාර ලබන බවත් දරුවන් 21 දෙනෙකුට රිජ්වේ රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති බවත් ඔහු කීවේය .ගාල්ල කරාපිටිය රෝහලෙන් දරුවන් හයදෙනෙකුද මහනුවර රෝහලින් දරුවන් සිවු දෙනකුද වාර්තා වී ඇත. කිතුල්වත්ත මහතා තවදුරටත් පැවසුවේ යාපනය, දියතලාව කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වලින්ද දරුවන් වාර්තා වී තිබෙන බවයි.
කොරෝනා රෝගය වැළඳී සති දෙකක් හයත් අතර කාලයකදී මේ රෝගය ඇතිවිය හැකි බවත් එහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස බඩේ කැක්කුම ,සමේ දද, පාචනය සහ ඇස් රතු වීම හැදින්විය හැක. නලින් කිතුල්වත්ත මහතා අවධාරණය කළේ මවුපියන් මේ රෝගය ගැන දැඩි සැලකිල්ලෙන් පසුවීම වැදගත් බවයි.




