අද සවස වැල්ලවත්ත මායා මාවතේ (කිරුලපණ රෙදිමෝල ප්‍රදේශයේ) ධාවනය වූ නවීන පන්නයේ බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.
වාහනය තුළට මෝටර් රථයේ වායු සමනය තුළින් දුමක් නැගෙනු දුටු ඒහි ගමන්ගත් රථයේ හිමිකරු රථය නවතා ගින්න නිවීමට උත්සාහ කර තිබේ, ඒහෙත් මෙම ගින්න පාලනය කරගැනීමට නොහැකි වී තිබේ.
මෙම මෝටර් රථයේ ගින්න නිවීමට තිඹිරිගස්යාය හෙන්ද්‍රිස් පේදිරිස් ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ භටයන් නව දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි නිවීමේ රථ තුනක් යොදා ගනිමින් කටයුතු කල බව වැල්ලවත්ත පොලිසිය වඅඩිදුරටත් සඳහන් කරනවා.
මෝටර් රථයේ ඇති වූ විදුලි කාන්දු වීමක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර මෝටර් රථයේ හිමිකරු කොළඹ 8 පාසල් මාවතේ පදිංචි අයකු වන අතර මෙම ගිනි ගැනීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නෑ.




