අගෝස්තු 01 වනදා සිට කොරෝනා වෛරස මර්දන එන්නත් ලබාගෙන ඇති පුද්ගලයන්ට විදෙස් සංචාර සඳහා අවසර ලබාදෙන බව කුවේට් රාජ්‍යය ඊයේ නිවේදනය කළා.
රජයේ ප්‍රකාශකයන් පවසන්නේ අවුරුදු  16ට අඩු දරුවන්ට සහ ගර්භනීභාවය තහවුරු කරන වාර්තාවක් සහිත  ගැබිණි මවුවරුන්ට   මෙම නීතිය බලනොපාන බවයි.
කුවේට් රාජ්‍යට පැමිණීමට බලාපොරොත්තු වන සියලු දෙනා ගුවන් ගත වීමට පෙර සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බව තහවුරු වීමත්, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමත් අත්‍යවශ්‍ය බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය  පවසනවා.
කුවේට් රජය පසුගිය සඳුදා සිට කොරෝනා වසංගතය ආශ්‍රිතව පනවා තිබූ යම් සීමාවන් ලිහිල් කර ඇති අතර මංගල උත්සව සහ රැස්වීම් හැර අනෙක් සියලු කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.




							    
							    
							    
							    
