රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකෙන මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට යයි.
එතෙක් මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලබාදී ඇත.
වෙන්දේසියේ විකිණීමට ප්‍රථම පළමුවෙන්ම එහි වටිනාකම තක්සේරු කරගත යුතු වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
නොවැම්බර් මාසයේදී ආරම්භවන චීනයේ මැණික් වෙන්දේසියේදී මෙම මැණිකවිකුණා ගැනීමට හැකි වනු ඇතැයිද මැණික අලෙවි කරන මුදලින් සියයට දහයක් රජයට හිමි වන බවද රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා.





