2021 ජූලි මස29 දින සඳහා කාලගුණ අනාවැකිය
2021 ජූලි මස28 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ.
බස්නාහිර සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර,මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2021 ජූලි මස 28 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතසිට බස්නාහිරදක්වා වන දිශාවලින් හමා එයි. සුළගේ වේගයපැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විටපැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහපුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.
ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2021 ජූලි මස 28දින සවස 04.00 ට නිකුත් කරන ලදි.