කඩුලු 4කින් ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි


අත්‍යවශ්‍ය මොහොතේදීම උප නායකත්වයේ බර කරට ගත් ධනංජය ද සිල්වා සහ පසු පෙළ පිතිකරු චාමික කරුණාරත්න එකතුව 7 වැනි කඩුල්ල වෙනුවෙන් 14 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 28 ක සම්බන්ධතාවය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව තරගාවලිය එකට එකක් (1-1) ලෙසින් සම කර ගැනීමට සත්කාරකයින් සමත්වීම නිසා හෙට (29 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය අවසන් මහ තරගයක මුහුණුවරක් ගනිමින් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 133 ක තරම් පහසු ඉලක්කයක් හඹා යෑමේ අවස්ථාව හිමි ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දු 16 දී ජයග්‍රහණය සඳහා ලකුණු 28 ක් ලබා ගැනීමේ අභියෝගය ධනංජය ද සිල්වා සහ චාමික කරුණාරත්න හමුවේ පැවැතිණ. අවසන් පන්දුවාර 2 එළැඹෙත්ම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි නමුත් එය තරගය පවත්වාගෙන යෑමට තරම් බාධාවක් නොවීය. කෙසේ වෙතත් අවසන් පන්දු 12 දී ලකුණු 20 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දුන් මෙම පිතිකරුවන් දෙදෙනා අතරින් චාමික කරුණාරත්න දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගය ජය ගැනීම කෙරෙහි වැඩි විශ්වාසයක් මෙම පිතිකරුවන් දෙපළ තුළ ජනිත වූහ. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම තිබූ මෙම ජයග්‍රහණයේ ජයග්‍රාහී ලකුණ ධනංජයගේ පිත්තෙන් වාර්තා වද්දී ලකුණු පුවරුවේ තවත් පන්දු 2 ක් ඉතිරිව තිබිණ.

තරගය 6 කට පසු ලද පළමු විස්සයි-20 ජය ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයේ වැඩිම ලකුණු ලාභියා වුණු ධනංජය හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 34 කදී  ලකුණු 40 ක්ද චාමික කරුණාරත්න හයේ පහරක් සමඟින් පන්දු 6 කදී ලකුණු 12 ක්ද රැස් කළහ. ධනංජයගේ ඉනිමට තරගයේ වීරයා සම්මානය හිමිවද්දී  ආරම්භක පිතිකරු මිනෝද් භානුක පන්දු 31 කදී ලකුණු 36 ක් සහ වනිඳු හසරංග ද පන්දු 11 කදී ලකුණු 15 ක් ලබා ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා යම් දායකත්වයක් ලබා දුන් පිතිකරුවෝ බවට පත්වූහ.

එක්දින තරගාවලිය යටතේ තරගයක් පැවැත්වීම සඳහා යොදාගත් තණතීරුවේ කාසියේ වාසිය දිනා පන්දු යැවීමට තීරණය කළ දසුන් ශානක වෙනදා මෙන් සම්ප්‍රදායික පන්දු යැවීමෙන් ඔබ්බට යමින් පන්දු යවන්නන් මාරු කරමින් පන්දු යැවීමට පියවර ගනු ලැබීය. එම උපක්‍රමය ප්‍රධාන කොට ඉන්දීය කණ්ඩායමේ නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5 ක් දවා ගනිමින් ලකුණු 132 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

පළමු පන්දුවාර 9 ඇතුළත ශානක පන්දු යවන්නන් 8 දෙනෙකු යොදා ගැනීම කැපී පෙනුණු අතර එහිදී කඩුලු රකින මිනෝද් භානුක, අවිෂ්ක ගුණවර්ධන සහ සධීර සමරවික්‍රම පමණක් පන්දු යැවීමෙන් වැළකී සිටියහ.

ශ්‍රී ලංකා නායකයාගේ එම උපක්‍රමය හේතුවෙන් කිසිදු ශ්‍රී ලංකා පන්දුයවන්නකුට එරෙහිව සැලකිය යුතු වේගයක් රඳවා ගනිමින් පන්දුවමට පහර දීමට ඉන්දීය පිතිකරුවන් අසමත්වීම කැපී පෙණින. කෘනාල් පාණ්ඩ්‍යාට කොවිඩ් වෛරසය ආසාධනය වීමත් එම නිසා තවත් ක්‍රීඩකයින් 7 දෙනෙකු හුදකලා කිරීමත් හේතුවෙන් ඉන්දියානු කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වූයේ විශේෂඥ පිතිකරුවන් පස් දෙනෙකු සමඟිනි. ඒ අතරින් රුතුරාජ් ගයික්වාඩ්, නිතීෂ් රානා සහ දෙව්දත් පඩික්කාල් කෝඩු කාරයන් වූහ.

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි නායක ශිකර් ධවාන් සහ රුටුරාජ් ගයික්වාඩ් එක්ව අධි වේගී පන්දුවාර 6 දී ලකුණු 45 ක් ලබාගත්හ. ඉන්දියානු 15 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 2 කට ලකුණු 94 ක් ලබා සිටි අතර අවසන් පන්දුවාර 5 දී ග්‍රහණය තවත් දැඩි කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එම පන්දුවාර 5 දී ලකුණු 38 ක් පමණක් ලබා දීමට වග බලා ගත්හ. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමත් පන්දු රැකීමත් ඉතාම ඉහළ මට්ටමක පැවැතිණ. පන්දු යවන්නන් අතර අකිල ධනංජය ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගනිද්දී දුෂ්මන්ත චමීර සිය පන්දුවාර 4 තුළදී ලකුණු 23 කට කඩුල්ලක් දවා ගනිමින් කැපී පෙනිණ.

 

-srilankacricket.lk

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කඩුලු 4කින් ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි
කඩුලු 4කින් ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි
අත්‍යවශ්‍ය මොහොතේදීම උප නායකත්වයේ බර කරට ගත් ධනංජය ද සිල්වා සහ පසු පෙළ පිතිකරු චාමික කරුණාරත්න එකතුව 7 වැනි කඩුල්ල වෙනුවෙන් 14 කදී රැස් කරන ලද නොබිඳුණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbZKvaLwfGNn47BitzNmax6rmvihXarP0bb46FX0UCn3mNggOluvFrVQkLMFHSn5PAeCgEYIolFmD6fVLyfOJzALIYe_fUUqhe1cvnVt42ZclpYsGdJP9rqS4L0VOmHDtw1RKuoFmK5Og/s16000/29-sri-lanka-beat-india-by-4-wickets.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbZKvaLwfGNn47BitzNmax6rmvihXarP0bb46FX0UCn3mNggOluvFrVQkLMFHSn5PAeCgEYIolFmD6fVLyfOJzALIYe_fUUqhe1cvnVt42ZclpYsGdJP9rqS4L0VOmHDtw1RKuoFmK5Og/s72-c/29-sri-lanka-beat-india-by-4-wickets.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/29-sri-lanka-beat-india-by-4-wickets.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/29-sri-lanka-beat-india-by-4-wickets.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content