මෙය සංචාරක අමාත්‍යාංශය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන හා ඉන් පිටත්වන ගුවන් මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම පෞද්ගලික සමාගමකට ලබාදීමට සූදානම් වෙයි.
ඉදිරි වසර දෙක සඳහා මෙම සමාගමට පී.සී.ආර්. පරීක්ෂණවලට අමතරව සෙම පටල සාම්පල එකතු කිරීමටද අවසර ලබාදීමට නියමිතය.
මෙම සමාගම ජර්මන් සමාගමක් වන අතර ගුවන් තොටුපොළේ පර්චස් 282ක භූමි භාගයක් මෙම සමාගමට ලබාදීමට ද සැලසුම් කර ඇත.එනම් රසායනාගාරය හා සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහාය. ඒ සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් දස දහසක මුදලක් මාසිකව අය කිරීමට ද නියමිතය.
2021 වසරේ ඉදිරි මාස පහ තුළ කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන හා පිටත්ව යන මගීන්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇති අතර
දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 6900ක් සිදු කිරීමට නියමිත අතර, පැයකට පරීක්ෂණ 500ක් සිදු කිරීමට සැලසුම් කර ඇත. පී.සී.ආර්. පරීක්ෂණයක මිල ඇමරිකානු ඩොලර් 40කට මිල නියම කර ඇත.




