අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ(අයි. ඩී.එච්) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසුවේ රෝගීන් වාර්තාවන අමුතුම ආකාරය දෙස බැලීමේදී තුන්වෙනි රැල්ලට වඩා වැඩි දරුණු තත්වයක් ඉදිරියේදී මතුවනු ඇති බවයි.
හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා දිනපතා පැමිණෙන අයගෙන් සියයට 85ක් පමණ ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන බවත් අලුතින් හඳුනා ගැනෙන රෝගීන්ගේ ශරීරයන්හි පවතින වයිරස ධාරිතාවයද ඉහළ බව රසායනාගාර වාර්තාවලින් පෙනී ගොස් ඇති බවයි. මෙය ඩෙල්ටා ප්‍රභේදය නිසා සිදුවන්නක් යැයි සැක කළ හැකි බවද ඒ් මහතා ප්‍රකාශ කළේය.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රෝගීන් හමුවන ආකාරය දෙස බැලීමේදී ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරෙන්නේ යැයි අනුමාන කළ හැකි බවත් මේ තත්වය යටතේ රටට ඉදිරියේදී දැඩි අසීරු තත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් ජනතාව කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බවද ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.
මෙහි දී විජේවික්‍රම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමින් අවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට එළියට නොගොස් නිවෙස්වලට වී කටයුතු කරන ලෙසයි.