එන්නත්කරණ වැඩසටහන යටතේ නාවික හමුදාව ගත වු 8 -9 යන දින දෙක තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 13,822 ක් සඳහා “සයිනොෆාම්” එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන් ලබා දුන් බව නාවික හමුදාව පවසයි.
රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් නාවික හමුදාව අගෝස්තු 08 වන දින සිට කොළඹ නාවික හමුදා මුලස්ථාන රෝහල මගින් කොළඹ ච්‍යෛතය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී ත්, වැලිසර නාවික මහ රෝහල මඟින් රාගමල ඇලපිටිවෙල චනද්‍රරාවංශ විද්‍යාලය සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලය යන ස්ථාන මෙම එන්නත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද නාවික හමුදාව පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා මහජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබේ. හෙට (11) දිනයේදී කොළඹ ච්‍යෛතය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පමණක් නාවික හමුදාව විසින් මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.






