ඊයේ (10) රාත්‍රී 9.15ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසලදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇත.
කොට්ටාව සිට ගැලණිගම දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ඉදිරිපසින් එකවරම දුමාරයක් හටගෙන ඇති අතර මද වේලාවකින් ගින්න හටගත් බව එහි රියැදුරු පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම ගිනි ගැනීමෙන් වෑන් රථය සම්පූර්ණම විනාශ වී ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.වෑන් රථයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවත්, වෑන් රථ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නැත. ගින්නෙන් රුපියල් ලක්ෂයක් පමණ අඩංගුව තිබූ ඔහුගේ මුදල් පසුම්බියද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ගින්න නිවා දැමීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ක්‍රියා කළ අතර දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.






