කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ගුරු - වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අද ආරම්භ කෙරිණි. ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කෙරිණි.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක් කරගනිමින් එක්දින සත්‍යග්‍රහයක් ලෙස මෙම සත්‍යග්‍රහය සිදු කරනු ලබයි.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ මෙම සත්‍යග්‍රහය සෞඛ්‍ය උපදෙස්වලට අනුව වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකරන බවය. ගැටලු විසදීම ප්‍රමාද කළහොත් සියලු වෘත්තීය සමති එක් කරගනිමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන බවත් එමහතා වැඩිදුරටත් කියා සිටියේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.









