සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවයි.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ මෙරට ඔක්සිජන් සමාගම් කර්මාන්ත සඳහා සපයන ඔක්සිජන්වලින් කොටසක් රෝහල්වල ප්‍රයෝජනය සඳහා ලබාගැනීමට හා එම සමාගම්වල ගබඩාවල ඔක්සිජන්වලින් කොටසක් ගැනීමටද කටයුතු කරන බවයි.
ඉන්දියාවෙන් හා සිංගප්පුරුවෙන් ඔක්සිජන් ටැංකි 12 ක් මිලදී ගැනීමටද ඇනවුම් කර ඇත.
රෝහල්වල ඔක්සිජන්වලින් සියයට 25ක් පමණ අපතේ යන බව සොයා ගෙන ඇති අතර එලෙස ඔක්සිජන් අපතේ යෑම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රෝහල් ප්‍රධානීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇත. රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගෙන ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය




