කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවය කෙරෝනා අවදානම සැලකිල්ලට ගෙන කල් දමා ඇත.
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ රාජ්‍ය ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය මුළු රටටම කදිම ආදර්ශයක් කියාය.
මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේ එතුමියගේ මෙම කැපකිරීම රටේ සෙසු සියලූ ජනතාව ආදර්ශයට ගෙන කටයුතු කළ යුතු බවත් විවාහ මංගල්‍ය උත්සව කොරෝනා බෝකරන ප්‍රධාන ස්ථානයක් හැටියට හඳුනාගෙන ඇති බවත් සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ ප්‍රධානීහුද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විවාහ මංගල්‍ය උත්සව ඇතුළු සාදවලට මේ අවස්ථාවේදී සහභාගිවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි.
සෞඛ්‍ය නීති නොතකමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනටමත් උපදෙස් මාලාවක් ලබා දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




