ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය අතර සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බවට වාර්තා වනවා.
රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිරයමින් උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්යෙන් වැඩිදුරටත් සකාකච්ඡා කෙරෙන බවටයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව අද පෙරවරු 11 සිට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන අතර මෙම සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනයකි කිරීම සඳහා දැඩි සංචාරණ සීමා පනවා රට වසා දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා.




