ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳව අධ්‍යාපන
අමාත්‍යංශය ලබන සතියේ ගුරු විදුහල්පති වෘත්තීය සමති සමග වෙන වෙනම සාකච්ඡා
කිරීමට කටයුතු යොදා ඇත.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳිම සඳහා පත් කළ ඇමැති අනුකමිටුව ප්‍රථම වරට කොළඹදී රැස්විය.
එහිදී ඇමැති අනුකමිටුව තිරණය කර ඇත්තේ ගැටළු විසැඳිම සඳහා රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන වෘත්තිය සමිති දැනුවත් කිරිමටයි.
ගුරු වෘත්තිය ගෞරවාන්විත සේවාවක් බවට පත් කළ යුතු අතර වැටුප් විෂමතා ඉවත් කළ යුතු
බවට ද අමාත්‍ය අනු කමිටුව එහිදි මූලික එකඟතාවකට පැමිණ ඇත.




