කොළඹ ප්‍රාදේශීය කළමනාකාර යු. ජි. ජි. පි.සත්‍ය සිංහ මහතා පැවසුවේ කැස්බෑව ලංගම ඩිපෝවේ රියදුරන් කොන්දොස්තරවරුන් හා කාර්මික නිලධාරීන් ඇතුළු 48 දෙනෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් එම ඩිපෝව ඊයේ (12) සිට තාවකාලිකව වසා දැමූ බවයි.
කැස්බෑව ඩිපෝවේ සේවක මහත්වරු 13 දෙනෙකුට ඉකුත් දිනයන් හි කොරෝනා වෛරසය ආසාදනය විය. මේ නිසා ඉකුත් 10 වෙනි දින සේවක මහත්තුරු 35 කට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කැස්බෑව ආටිගල බාලිකා ක්‍රීඩාංගනයේදී පී. සී. ආර් පරීක්ෂණ සිදු කරන ලදි. එහිදී එම සියලු දෙනාට වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම් දීමෙන් අනතුරුව ඩිපෝව වසා දැමීමට කටයුතු කළ බව ප්‍රාදේශීය කළමනාකාරවරයා පැවසීය.
ආසාදිත රෝගී සේවක මහත්වරු මේ වන විට ඔවුන් නැවතී සිටින නේවාසිකාගාරවල, නිවාස වල මෙන්ම ඩිපෝව තුළ රැඳී සිටිමින් ප්‍රතිකාර ලබයි. ඉතිරි දෙසීයකට අධික සේවක මහත්වරුද නිරෝධය සඳහා යොමු කළ අතර එයින් කිහිප දෙනකු ද පී. සී. ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බවත් ප්‍රාදේශීය කළමනාකාරවරයා කීය.
මේ අතර කොරෝනා ආසාදනය වූ සේවකයන් දෙළොස් දෙනකු වාර්තා වීම හේතුවෙන් කලවාන ලංගම ඩිපෝව අද (13) වසා දැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නිවේදනය කරනවා.
ඩිපෝ අධිකාරිවරයා ඇතුළු ඩිපෝවේ සේවකයන් පිරිසකට මෙලෙස කොරෝනා පොසිටිව් වී ඇති බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරියාලය පැවසීය.
මේ හේතුවෙන් අද (13) දිනයේ සිට බස් රථ ධාවනය නතර කළ බව කලවාන ලංගම ඩිපෝව ප්‍රකාශ කළේය.




