ඉන්දියාව ලොව පලමු වරට කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කිරීමට සමත් වී ඇත.
ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී ඇති මෙම නව මාදිලියේ කොවිඩ් 19 එන්නත මාත්‍රා තුනකින් සමන්විත වේ.
මෙම එන්නත කොවිඩ් වෛරසයේ ඩී.එන්.ඒ. අණු යොදා ගනිමින් නිපදවා ඇත. මෙය ශරීරගත කළ විට වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලෙස නිර්මාණය වන ප්‍රෝටීන බොහෝම ඉක්මණින් සහ සාර්ථකව වර්ධනය වෙයි.
ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පිහිටි ‘සයිඩුස් කැඩිලා (Zydus Cadila)’ ඖෂධ නිෂ්පාදන සමාගම ZyCoV-D යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම එන්නත නිපදවා ඇත. ඉන්දීය ජෛව තාක්ෂණ දෙපාර්තමේන්තුවද මෙම ඩී.එන්.ඒ. එන්නත නිපදවීමට දෑයකත්වය සපයා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පුද්ගලයන් 28,000ක් යොදාගෙන මෙම එන්නතේ සායනික පරීක්ෂණ සිදුකර ඇත. ඉන් සියයට 66කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළඳී නොතිබීම විශේෂත්වයයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




