නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට රුපියල් 2000 දීමනාව අද (23) සිට ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙම දීමනාව ලැබීම සඳහා සුදුසුකම් ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලැබෙන පවුල් පමණක් වන අතර රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය නිකුත් කළ චක්‍ර ලේඛනයේ සඳහන් වනවා.
මේ සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනතාවට මෙම දීමනාව ලබා දීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




