ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'ශක්ති' නෞකාව කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගෙන අද උදෑසන කොළඹ වරායට පැමිණියේය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ඉන්දියාවේ සිට පැමිණි මෙම නෞකාවෙන් සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙන ආ බවත් ඔක්සිජන් ටොන් සියයක් රැගත් ඉන්දියාවේ ශක්ති නෞකාව කොළඹ වරායට ඊයේ පැමිණි බවත්ය.
ඔක්සිජන් රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ ශක්ති නෞකාව ඉන්දියාවට පිටත් කර යවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදාපතිවරයාට පසුගිය සතියේදී උපදෙස් දුන්නේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




