ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට හඳුනාගෙන ඇති 'ඩෙල්ටා' ප්‍රභේදය පාලනය කිරීම සඳහා 95% ක්ම සාර්ථක බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පවසනවා.
මාස හතරක් පුරාවට සිදු කළ සායනික පරීක්ෂණවලින් පසුව මේ බව තහවුරු වී ඇති අතර මෙම පරීක්ෂණය සඳහා ජාතික පර්යේෂණ සභාවේ, කොළඹ ජාතික රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥයින් ඇතුළුව තවත් කිහිප දෙනෙක් සහභාගි වී ඇත.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු හා දෙවන මාත්‍රාවන් ප්‍රතිශක්තිකරණය වැඩි කරන අතර කෝවිඩ් ආසාදනය වීම පාලනය කරන බැවින් මෙම එන්නත මෙරට ජනතාවට ලබාදීමට ඉතාමත් සුදුසු බව මහාචාර්යවරයා පවසයි .
පූර්ණ එන්නත්කරණයෙන් මාස දෙකකට පසුව පුද්ගල ශරීරයේ ප්‍රතිදේහ වර්ධනය වන බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
මහාචාර්ය දොඩම්පහල මහතා පවසන්නේ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ද රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත ද ඇමරිකාවේ නිශ්පාදිත ෆයිසර් සහ මොඩර්නා එන්නත් ද තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවයි.
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත හිඟයක් හේතුවෙන් ආනයනය කිරීම අත්හිටුවා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ජපානය විසින් එන්නත් මාත්‍රා මිලියන 1.47 ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




