විනය විරෝධීව හැසිරීමේ චෝදනාට වැරදිකරුවන් වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගෙන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමුකර ඇත. පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී මොවුන් මෙලෙස විනය විරෝධීව හැසිරී ඇත.
නිරෝෂන් දික්වැල්ල අභියාචනයක් යොමු කර නොමැති බවත් ධනුෂ්ක සහ කුසල් ඉදිරිපත් කළ අභියාචනය ඉදිරි විධායක කමිටුවට ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි..
වසරක තරග තහනමක් සහ රුපියල් කෝටිය බැගින් වන දඩයක් ඇතුළත් දඩුවමක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම ක්‍රීඩකයන් තිදෙනාට පමුණුවා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




