කොවිඩ් ආසාදිතව සිටි මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා මියගොස් ඇති බව වාර්තා වේ. මිය යනවිට 65 හැවිරිදි වියේ පසු වූ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඊයේ වෙන විට තරමක් සුව අතට පත්වෙමින් සිටි ඒ් මහතා ඊයේ රාත්‍රීයේදි එකවර හුස්ම ගැනීමේ මට්ටම පහළ බැස අසාද්‍ය තත්වයට පත්වී ඇති බවට ආරංචිමාර්ග පවසයි.
1956 අප්‍රේල් 21 වන දා මාතරදී උපත ලද මංගල පින්සිරි සමරවීර මහතා මෙරට දේශපාලනය තුළ ප්‍රබල චරිතයකි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු එංගලන්තයේ ශාන්ත මාර්ටින් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්ද වනවා.
දේශපාලන පවුල් පසුබිමක හැදී වැඩී 1983 වසරේ මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු 1989 යේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වී තිබෙනවා.
එතැන් සිට විවිධ රජයන් යටතේ අමාත්‍ය ධුර දරමින් දේශපාලනයේ දිගු ගමනක් පැමිණි සමරවීර මහතා පසුගිය යහපාලන ආණ්ඩුව තුළ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




