පුද්ගල ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීම සඳහා භාවිත කරන පල්ස් ඔක්සි මීටරයේ මිල පාලනය සම්බන්ධයෙන් ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
මෙම ඔක්සි මීටරය අලෙවි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් බලපත්‍ර ලබාදී ඇත්තේ සමාගම් තුනකට පමණක් බවයි වාර්තා වන්නේ.
නමුත් ශ්‍රී ලංකා රේගුවට හසුනොවී චීනයේ සිට මෙරටට ගෙන්වා ඇති ලියාපදිංචි නොකළ බාල වර්ගයේ ඔක්සි මීටර පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනාවරණය වී ඇත.
මෙවැනි ව්‍යාජ ඔක්සි මීටර 3500ක් පමණ කොළඹ නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර බාල වර්ගයේ ඔක්සි මීටර භාවිත කිරීමෙන් ශරීරයේ නිවැරදි ඔක්සිජන් මට්ටම මැන ගත නොහැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරු පවසනවා.
කෙසේ වෙතත් මුලදී රුපියල් 1350 කට පමණ අලෙවි වූ මෙම ඔක්සි මීටරය මේ වනවිට රුපියල් 4000 සිට 8000 දක්වා මිලකට අලෙවි කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.