ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙරට භාවිතා කෙරෙන කොවිඩ් මර්දන එන්නත් තුනකින් ලැබෙන රැකවරණය සම්බන්ධයෙන් ඊයේ (26) තොරතුරු රැසක් අනාවරණය කළාය.
එම එන්නත් තුන සම්බන්ධයෙන් බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙන ඇය මෙම තොරතුරු අනාවරණය කළේය.
සයිනොපාම් එන්නත ගත් පුද්ගලයකුගේ කොවිඩ් මරණ අනුපාතය සියයට 0.46ක් වශයෙන් මෙහි දැක්වේ. එමෙන්ම සයිනොපාම් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමේ හැකියාව ඇත්තේ ඉන් පුද්ගලයන් 350 පමණක් බව ඇය අනාවරණය කරන අතර එම 350 දෙනාගෙනුත් මිය යෑමේ ප්‍රවණතාව ඇත්තේ එක් පුද්ගලයකු පමණක් බවත් සඳහන් වේ.
ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා ගත් පුද්ගලයකුගේ මරණ අනුපාතය සියයට0.15ක් ලෙස සදහන් වේ. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වන්නේ 136 දෙනෙකු පමණක් බවත් එහිදී එම 136 දෙනාගෙන් එක් පුද්ගලයෙකු මියයාමේ සම්භාවිතාව සියයට .02 ක් බවත් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් පුද්ගලයකුගේ මරණ අනුපාතය සියයට 0.03 ක් වශයෙන්ද බහරේන් පරීක්ෂණය මඟින් තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්යවරිය කීවාය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.