බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා .
වකුගඩු රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුව ගාල්ල කරාපිටිය රෝහලට රැගෙනගිය අවස්ථාවේ ඔහුට සිදු කළ ඇන්ටිජන්ට් පරීක්ෂාවකින් ඔහුට කෙරෝනා ආසාදිත බව හෙළිව තිබේ.
ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර එවා පුතිකාර ලබමින් සිටි බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන), බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසුව පොට්ට නවුෆර්ට මරණ දඬුවම නියම කෙරුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




