කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රළු තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත්කර තිබේ.
මෙය අගෝස්තු මස 29 වන දින ප.ව. 03.00 වන තෙක් වලංගු වන පරිදි අද දින ප.ව. 03.00 ට නිකුත් කර ඇත.මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා
සැලකිලිමත් වන්න!
මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70) පමණ දක්වා වැඩි විය හැක.
මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට | දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.