රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවි කිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති බවයි.
ජානක වක්කුඹුර මහතා පැවසුවේ රටේ සීනි මිල ඉහළයාම හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇති අසීරුතාවෙන් මුදවාගැනීමට මෙම පියවර ගත් බවයි.
ලංකා සීනි සමාගම විසින් සෙවනගල, පැලවත්ත සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි බෙදා හරිනු ලබයි. රටපුරා ඇති සියලුම සමූපකාර වෙළඳසැල් සහ සතොස අලෙවිසල්වලින් රුපියල් 130ට සීනි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමහතා තවදුරටත් කියා සිටියේ ‘ලංකා සීනි සමාගම සතු සීනි තොග මදිනම් රජය විසින් ලබාදුන් බදු සහනය යටතේ සීනි ආනයනය කර රටතුල දැනට පවතින සීනි ඒකාධිකාරියෙන් පාරිභෝගික ජනතාව මුදාගැනීමට පියවර ගන්නවා. රුපියල් පනහකට තිබූ සීනි ආනයනය බද්ධ රජය විසින් අඩු කළේ පාරිභෝගික ජනතාවට සහනයක් දෙන්නයි. නමුත් වෙලා තියෙන්නේ වෙළඳපොලේ සීනි මිල රුපියල් දෙසීය ඉක්මවලා තියන එකයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.