ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ එන්නත්කරණය සදහා අවශ්‍ය සිරින්ජර ලක්ෂ 20 ක් ලබා දුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කියා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධාන ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ප්‍රතිචාර දැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම හා අඛණ්ඩ එන්නත්කරණය සඳහා සිරින්ජ තොගය පිරිනැමූ බවය. මේවායින් පළමු තොගය ඉකුත් 13 වන දිනත්, දෙවැනි තොගය 29 වැනිදා සවසත් මෙරටට ගෙන්වා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය ලකා සිං මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම තීරණාත්මක අවස්ථාවේදී කොවිඩ් -19 ප්‍රතිචාර දැක්වීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගීතාව ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කරන බවය.
ඇය වැඩිදුරටත් පැවසුවේ මෙම සිරින්ජර් ශ්‍රී ලංකාවේ අපේක්‍ෂිත එන්නත් කිරීමේ වැඩසටහනට තීරණාත්මක දායකත්වයක් ලබා දීමට හැකි වනු ඇති බවයි.
මෙම සිරින්ජර් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීමට නියමිතය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.