ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියේ දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට 29 දින ඇතිවූ තද වැසි සහ තද සුළං හේතුවෙන් පවුල් 191 කට අයත් 848 දෙනකු පීඩාවට පත්ව ඇති බවයි.
මේ නිසා පුද්ගලයන් සිව් දෙනකු තුවාල ලබා ඇත. එමෙන්ම නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 189 කට අර්ධ හානි සිදුව ඇත.
එම මධ්‍යස්ථානය සඳහන් කරේ ගම්පහ, කොළඹ, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට මෙම බලපෑම ඇති වූ අතර වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටය.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 152 කට අයත් 730 දෙනකුද
කොළඹ, කඩුවෙල පවුල් 30 කට අයත් 92 දෙනෙක්ද, රත්නපුර කුරුවිට පවුල් 7 කට අයත් 22 දෙනෙක් සහ ගාල්ල, වඳුරඹ පවුල් 2 කට අයත් සිවු දෙනෙක්ද පීඩාවට පත්වූවෝ අතර වෙති.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.