ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 2321 අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා බුද්ධි අංශය සහ අනෙකුත් බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව හෙළි වී ඇත.
ඒ අනුව අගෝස්තු 30 ගොඩබිමෙන් පිටත්ව ගොස් ඇති මෙම බහුදින ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී විදේශීය ජාවාරම්කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන නැවත එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අහුන්ගල්ල, බලපිටිය සහ හබරාදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අවුරුදු 31ත් 37ත් අතර වයසේ පසුවන අය බව නාවික හමුදාව පවසයි.
පොලිස් ආරංචිමාර්ග අනුව ජාත්‍යන්තර පොලීසිය
මගින් රතු නිවේදනයක් පවා නිකුතර කර සිටින පාතාල අපරාධකරුවෙක් වන කොස්ගොඩ
සුජී මෙම මත්කුඩු තොගය පිටුපස සිටින මහ මොළකරු බවට මේ වන විටත් හදුනා ගෙන
ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.