මිලියන 8ක ජනතාවක් දුක් විඳින ප්‍රශ්නය



රට තුළ කොවිඩ්19 වසංගතය පැතිරීම හේතුවෙන් බොහෝ පිරිසකට තම ජීවනෝපාය කර ගැනීමට නොහැකි ව ආදායම් මාර්ග ද අවහිර වී ඇති බැවින් ණය පහසුකම් (ලීසිං) , කල්බදු සහ මුල්‍ය පහසුකම් යලි ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල පිරිසක් අසරණ වී ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ද සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි.

ලීසිං හා ණය වාරික ගෙවීමේ දී සිදුව ඇති තත්වය පිළිබඳව පසුගිය දා (28) පැවතී ප්‍රවෘත්ති සාකච්චාවේ දී ඔහු මෙම අදහස් දැක්වූවා.

දිනෙන් දින උග්‍ර තත්ත්වයට පත් වන කොවිඩ්-19 වසංගතයෙන් ජනතාවගේ ජීවිත හා ආර්ථික තත්ත්වය පිරිහීම නිසා සංචාරක ක්ෂේත්‍රය,අධ්‍යාපන ක්ෂේත්‍රය,ආනයන සහ අපනයන,ස්වයං රැකියාකරුවන්,උපකාරක පංති ගුරුවරුන්,හෝටල් සහ ආපනශාලා හිමිකරුවන්,පාසල් බස්‍ රථ සහ වැන් රථ හිමිකරුවන්,සුලු ව්‍යාපරිකයන්,කුලී වාහන රථ හිමියන්,පුද්ගලික බස් රථ හිමියන් ආදී ක්ෂේත්‍ර ගණනාවක විශාල පිරිසක් මේ වන විට බරපතළ ගැටලුවකට මුහුණ පා සිටිනවා.

ඔහු පවසන්නේ ලීසිං ආයතන විසින් අයථා ලෙස දඩ පොලියක් අයකිරීම සහ එම රථ වාහන නැවත අත්පත් කර ගැනීම ඊට හේතුව බවයි. එසේම මහ බැංකුව විසින් ලබා දෙන චක්‍රලේඛ ලීසිං ආයතන විසින් සත පහකට මායිම් නොකරන අතර එම සමාගම් සදහා කිසිදු නීතිමය පියවරක් ද ගෙන නැත.
 
 "දැනට මෙම ගැටලු හේතුවෙන් රටේ ජනතාව මිලියන 8 ක ප්‍රමාණයක් ණය තොරතුරු කාර්යංශයේ  වර්තාවල සිටිනවා. මේ කාරණා සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අප සංගමය වෙත දිනකට පැමිණිලි 30-40 අතර ප්‍රමාණයක් ලැබෙනවා. එම නිසා කඩිනමින් මෙම ලීසිං ආයතන විගණනයකට ලක්කොට නියාමනය කර රටේ ජනතාවට සාධාරණයක් කර ජනතාව බේරාගැනීමට මහා බැංකුව කඩිනමින් කටයුතු කල යුතුයි. මින් ඉදිරියටත් මේ කාරණා හේතුවෙන් අසාධාරණයට පත් සමස්ත ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අප සංගමය සූදානම්"
 
රක්ශණ ගැටලු වලට ප්‍රධානතම  හේතුව රක්ශණ නියාමන කොමිසමේ නියාමනයක් නොමැතිකම බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්  එහි කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පවසනවා.

ලීසිං ආයතන සහ බැංකු මගින් ලීසිං පහසුකම් ලබාගත් වාහන සදහා රක්ෂණය වන විටදී රක්ෂණය සිදු කරන බ්‍රෝකර් ආයතන හරහා සිදු කරන කේත ක්‍රමය අහෝසි කර රක්ෂණ නියෝජිතයන් මාර්ගයෙන් ලබාදී පාරිභෝගිකයා සුරක්ෂිත කරදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

මෙම වසංගත කාලය තුළ  බහුතර පාරිභෝගිකයන් පිරිසක් කොරෝනා වැළදී නිවෙස්වලට වී ප්‍රතිකාර ලබාගන්නා බැවින් එම පාරිභෝගිකයන්ගේ රක්ෂන වන්දි මුදල් සදහා වෛද්‍ය වාර්තා නොමැති කමින් ප්‍රතික්ෂේප වීමේ හැකියාවක් පවතින අතර ඒ සදහා නිසි වැඩපිලිවෙලක් රජය මැදිහත්වී ලබා දිය යුතු බවද වැඩිදුරටත් සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්  එහි මාධ්‍ය ලේකම් සුමේධ අමරසිංහ මහතා මෙසේ පැවසුවා.

"දැන් බලන්න පියල් නිශාන්ත රාජ්‍ය ඇමති කියන කතා. කෝවිඩ් අරමුදලට සල්ලි දෙන්න බෑලු. හේතුව ණයට මුළු පඩියම කැපිල යනවලු. අනේ මන්ත්‍රී තුමා.. පොඩ්ඩක් කියනවද අපිටත් මුලු පඩියම කපල ණය  දෙන ආයතනය මොකක්ද කියල? එහෙම පුලුවන්ද ණය ගන්න?, ණය දෙන්න? ගෙදර අය කන්නේ අහවල් එකෙන්ද? අපිට සැහෙන්න සැකයක් එන කාරණයක්  මේක!

මහ බැංකුවම කියන විදිහට පහුගිය වසරේ ලාබ ලබපු ආයතන ගත්තම උඩින්ම ඉන්නේ බැංකු සහ මුල්‍ය ආයතන. රටේ ජනගහනයෙන් වැඩි පිරිසක්, මිලියන 8කට ආසන්න ජනතාවක් දුක් විඳින මේ ප්‍රශ්නයට තවමත් රජය හරි පිළිතුරක් ලබාදෙන්නේ නෑ. මහ බැංකුව නිහඬයි."

රජය මෙයට මැදිහත් වී කටයුතු නොකරන නිසා මෙම ගැටළුවලට පිළිතුරු  සෙවීම සඳහා ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ද සංගමය මේ සම්බන්ධයෙන්  ක්‍රියාකාරීව කටයුතු කරන බව මාධ්‍ය ලේකම් සුමේධ අමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

රට තුළ කොවිඩ්19 වසංගතය පැතිරීම හේතුවෙන් බොහෝ පිරිසකට තම ජීවනෝපාය කර ගැනීමට නොහැකි ව ආදායම් මාර්ග ද අවහිර වී ඇති බැවින් ණය පහසුකම් (ලීසිං) , කල්බදු සහ මුල්‍ය පහසුකම් යලි ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල පිරිසක් අසරණ වී ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ද සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි.
අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මිලියන 8ක ජනතාවක් දුක් විඳින ප්‍රශ්නය
මිලියන 8ක ජනතාවක් දුක් විඳින ප්‍රශ්නය
රට තුළ කොවිඩ්19 වසංගතය පැතිරීම හේතුවෙන් බොහෝ පිරිසකට තම ජීවනෝපාය කර ගැනීමට නොහැකි ව ආදායම් මාර්ග ද අවහිර වී ඇති බැවින් ණය පහසුකම් (ලීසිං) , කල්බදු සහ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0LPr05AgeOAYcJoCITec9RFCR7H8M3RkW6EWPH4Id9JSilH1cVFhRRQ2JZUw1CtQ3Md-3ajVQVNt6FnWEFrUGVd9ExQB53fgoWZQns2jcnn7YxMk5RNNyN1w5PxuOPhuLMoOH10wsnnk/s16000/BLN+Sample+AW+%252817%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0LPr05AgeOAYcJoCITec9RFCR7H8M3RkW6EWPH4Id9JSilH1cVFhRRQ2JZUw1CtQ3Md-3ajVQVNt6FnWEFrUGVd9ExQB53fgoWZQns2jcnn7YxMk5RNNyN1w5PxuOPhuLMoOH10wsnnk/s72-c/BLN+Sample+AW+%252817%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/09/1-the-problem-that-8-million-people-are-still-suffering-from-is-not-answered-by-the-government.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/09/1-the-problem-that-8-million-people-are-still-suffering-from-is-not-answered-by-the-government.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content