ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් මෙම පියවර ගෙන ඇත.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි
එමනිසා නැවත මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඇමතිඅනු කමිටුව විදුහල්පති හා ගුරු සංගම් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එය අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන මෙම තීරණ ගත් බව වාර්තා වේ.
මේ අනුව වසර 24ක් පැවති ගුරු විදුහල් පති වැටුප් විෂමතාව ක්‍රමානුකුල කිරීමට කැබිනට් අනුමැතිය අදියර කිහිපයක් ඔස්සේ වැටුප් ගැටලුව විසදීම සදහා මෙවර අයවැයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.