පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව, තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත්ව ආනයනය සඳහා අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත .
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කෘෂි රසායන අංශය මගින් හෝ දේශීය නියෝජිත සමාගම් වෙතින් එම කෘෂි රසායන ආනයනය කර, සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත් ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා ඇත.
ඇමතිවරයා යෝජනා කර ඇත්තේ එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරීයකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළබු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සදහා පිළියමක් ලෙස රසායනික පලිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මේ යටතේ අපේක්ෂා කෙරේ.
ඇමතිවරයා තවදුරටත් පෙන්වා දී ඇත්තේ වගාවන් සඳහා ස්වාභාවික පලිබෝධ නාශක මර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, ඒ සම්බන්ධයෙන් බහුතර ගොවීන්ගේ පවතින්නේ අඩු පළපුරුද්දක් හා අඩු දැනුමක් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.