කොවිඩ් -19 වයිරසය ආසාදිතව යාපනය වැල්වැටිතුරෙයි නගර සභා සභාපති කෝනලිංගම් කරුණානන්දරාසා මහතා මියගොස් ඇත.
සභාපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා ඇතුලත් කර ඇති අතර නගර සභා සභාපතිවරයා හෘද රෝගයකින් ද පෙළෙමින් සිටි බව ද රෝහල් ආරංචි මාර්ග පවසන බව වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේය.සභාපතිවරයා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්වූ අතර ඔහු 76 හැවිරිදි වියේ පසු විය.
වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීහු පැවසුවේ මේ වන විට නගර සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිළධාරීන් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී.සී.ආර් පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.




