සංචරණ සීමා පනවනවාද නැද්ද කියන එක රජය මගින් ගත යුතු තීරණයක් යැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටී.
කොවිඩ් ව්‍යාප්තියත් සමග නැවතත් සංචරණ සීමා පැනවීමක් සුදුකෙරෙනවාද යන්න අද(12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් මාධ්‍යය විසින් විමසූ අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.
"අපේ නිර්දේශ අතර ඒක හැම වෙලේම තියන දෙයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් ආකාරයක එක එක ක්ෂේත්‍රවල විශේෂඥයෝ හැටියට මේ අවදානම පිළිබඳ ගණනය කරලා අපි කියනවා රිස්ක් ඇසෙස්මන්ට් කියලා ඒ අවදානම තක්සේරු කරලා ඒ අදාළ අංශවලට භාරදෙනවා එතකොට ඒ අංශ සියලු දෙනාම එකතුවෙලා රටට අවශ්‍යම කරන වඩාත්ම සුදුසු විකල්පය තමයි හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ. අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් හැමදේම මේ අවස්ථාවේ කරගෙන යනවා" ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




