ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර "ඩෙල්ටා බෝම්බයක්" බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත්ය.
එම බෝම්බයේ විනාශය අත්කර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය පවතින්නේ ජනතාව අත බවත් ජනතාව සංචරණ සීමා කර සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් එම බෝම්බය තමන්ගේ නිවෙස්වලටද පැමිණිය හැකි බවත් මෙම ඩෙල්ටා බෝම්බය ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ පුපුරා ගිය බවත් ඔහු අනතුරු ඇඟවූයේය.කොවිඩ් වලින් මරණ වළක්වා ගැනීමට නම් වහාම කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතු හෙයින් ඒ සඳහා වහාම කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ළඟට එන කුමන හෝ එන්නතක් ලබා ගැනීම වැදගත් බවද ඔහු පැවසුවේය.
එන්නත් ලබා ගැනීමේදී ද ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් එන්නත් පොකුරුද බිහිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ශරීර ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා විටමින් සී බහුල පලතුරු ආහාරයට ගැනීම වැදගත් බවත් විටමින් සී පෙති හැටියටද දිනපතා ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දුන් අතර ඉඟුරු කොත්තමල්ලි දිනපතා දවසට තුන් වරක් සීනි නොදා පානය කිරීමද ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම සඳහා වැදගත් වන බව චන්න ජයසුමන මහතා පැවසුහ.




