සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් සඳහා නිවසේදීම ප්‍රතිකාර ලබාදීම ඊයේ (09) දිනයේ සිට ආරම්භ කර තිබෙනවා. මීට පෙර නියමු වැඩසටහනක් ලෙස මෙම ක්‍රමවේදය බස්නාහිර පළාතෙන් ආරම්භ කර ඇත.
ඒ අනුව සුළු හෝ රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන වයස අවුරුදු 02 - 65ත් අතර පුද්ගලයන්ට වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔවුන්ගේ නිවසේදීම ප්‍රතිකාර ලබාදීමට නියමිතයි.
දෛනික කොවිඩ් ආසාදිත රෝගීන් වැඩිවීම සහ රෝහල් ධාරිතාව ඉක්මවා යෑම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව පී. සී. ආර් හෝ ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ආසාදිතයකු බව තහවුරු වූ රෝගීන් පළමුවෙන්ම එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂාකර නිවසේ සිට ප්‍රතිකාර කිරීම නිර්දේශ කරනු ලබයි. පසුව දුරකථන මාර්ගයෙන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව රෝගියාට වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදීම ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම පැය 24 පුරා ක්‍රියාත්මක 1390 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ඔස්සේ සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වනවා.




