ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා කිරිපිටි කිලෝ ග්‍රෑම් 1900 ක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
ඒ අනුව කොළඹ වේල්ල වීදිය සහ ශ්‍රී කදිරේෂන් වීදියේ තිබූ ගබඩාවලින් පොලිතින් උරවල අසුරා ලේබල් හෝ කල් ඉකුත්වීමේ දින නැති ග්‍රෑම් 450 සහ කිලෝ 1 කිරිපිටි පැකට් 1500 ක් සොයාගත් බව කොළඹ දිස්ත්‍රික් ප්‍රධානී ප්‍රදීප් කලුතරආරච්චි මහතා පවසනවා.
මෙම කිරිපිටි රසකැවිලි නිෂ්පාදනය සඳහා ආනයනය කළ බවත් මෙම ගබඩා තුළ කිරිපිටි ඇසුරුම් කර එම පැකට් පිටකොටුව තොග වෙළඳසැල සහ හෝටල් සඳහා අලෙවි කළ බවත් සැකකරුවන් පවසා තිබෙනවා.
මෙම ගබඩා හිමිකරුවන්ට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව පිටකොටුව පොලීසිය සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.