අවුරුදු 75 පමණ වයසැති මහළු මවක් නුවරඑලිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට ගෙනත් දමා අතරමං කර ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් විසින් නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.
භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑලිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑලිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි. නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව පරික්ෂණ ආරම්භ කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.