වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසා සිටියේ වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගි වූ පුද්ගලයන් 28 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවයි.
පසුගිය 24 වැනිදා ඔලුමඩුව, පට්ටේපිරින්දකුලම ගම්මානයේ නිවසක අවමංගල්‍ය උත්සවය පවත්වා ඇත. හදිසියේ ඇතිවූ උණ තත්ත්වයක් මත අවමංගල්‍ය උත්සවය පැවති නිවසේ පුද්ගලයන් දෙදෙනකු වවුනියාව පුලියන්කුලම රෝහලට ඇතුළත් කර ඇත. එහිදී සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.
පසුව අදාළ නිවසේ පැවති අවමංගල්‍ය උත්සවය සඳහා එක්වී සිටි පුද්ගලයන් 30 දෙනකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී මුල් දෙදෙනා සමගින් මෙම ආසාදිතයන් 28 දෙනා හඳුනාගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.