නිවසක ඉදිකරමින් තිබූ කුකුල් කූඩුවක බිත්තියක කොටසක් කඩාවැටීමෙන් අවුරුදු එකහාමාරක පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇත. වවුනියාව, පම්පෙමඩුව, පෙරියකට්ටු ප්‍රදේශයේ නිවසක මෙම අවාසනාත්මක සිදූවීම සිදු වූ බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පවසන පරිදි මව හා නිවැසියන් වෙනත් වැඩක නිරතව සිටි අවස්ථාවක මිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා මතට අනාරක්ෂිතව ලෙස ඉදිකොට තිබූ ගඩොල් බිත්තියේ ගඩොල් කැට කිහිපයක් පෙරළී මෙම මරණය සිදු වී ඇත.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව, පම්පෙමඩුව, පෙරියකට්ටු ප්‍රදේශයේ පදිංචි සයන්තන් කාර්තිකන් නමැති අවුරුදු එකහාමාරක පිරිමි දරුවෙකි.
සිරුර මතට ගඩොල් කැට වැටීමෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් වවුනියාව රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර එහිදි දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.